Pages

Ads 468x60px

Labels

Sunday, October 07, 2012

Passwords වලින් 60%ක්ම දුර්වලයි



අන්තර්ජාලය තුල සැරිසරන විට ඔබගෙ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාරී වන්නේ මුරපදයි(password). නමුත් ඔබ භාවිත කරන මුරපද මගින් ඔබ අපේක්ෂා කරන ආරක්ෂාව සලසා ගත හැකිද?


මේ පිළිබඳව ඇමරිකානු ආයතනයක් මගින් කරන ලද සමීක්ෂනයකින් හෙලිවී ඇත්තේ අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් 60%ක්ම බවිතා කරන මුරපද දුර්වල බවයි. එ පමනක්ද නොව, ඔවුන් එකම මුරපදය යොද ගනිමින් වෙබ් ගිනුම් කිහිපයක් සමඟ කටයුතු කරන බවත් එ මගින් හෙලිවී ඇත.

මෙසේ දුර්වල මුරපද නැවත නැවතත් බවිතා කිරීම හේතුවෙන් එක් මුරපදයක් බිඳීම මගින් වෙබ් ගිනුම් කිහිපයකටම හානි සිදුවීමේ අවදානමක් ඇති බවත් එම ආයතනය විසින් සඳහන් කරයි.

මෙම සමීක්ෂනයට සහභාගී වූවන්ගෙන් 54%ක්ම මුරපද 5ක් හො ඊට අඩු ප්‍රමාණායක් බාවිතා කරන බවත් ඔවුන්ගෙන් 44%ක් වසරක් හෝ ඊට අඩු කාලයක් තුලදී ඔවුන්ගේ මුරපද වෙනස් කරන බවත් මෙහිදී හෙලිවී ඇත.

තවද මෙසේ දුර්වල මුරපද බාවිතා කිරීම නිසා මේ වනවිට අන්තර්ජාලය බාවිතා කරන්නන්ගෙන් 21%ක් එක් අවස්ථවක හෝ වෙබ් ගිනුම් සම්බන්දයෙන් ගටළුකාරී තත්වයකට මුහුන පා ඇති බවද මෙමගින් හෙලිවී ඇත. සමීක්ෂනයට සහබාගි වූවන්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු වලට අනුව ඉතමත නොසැලකිලිමත් ලෙස මුරපද බාවිතා කර ඇත්තේ වයස අවුරුදු 24ට අඩු පිරිස් ය.

සමීක්ෂණයට අනුව බොහොමයක් මුරපද වල අකුරු(characters) 8ත් 10ත් අතර සංඛ්‍යාවකින් යුක්ත වන බව හෙලිවී ඇත. එසේම බොහමයක් වෙබ් අඩවි මගින් දීර්ඝ මුරපද බාවිතා කිරීම සඳහා අවකාශ ලබා නොදීම පිලිබඳවද මෙහිදී අවදානය යොමුවී ඇත.
මෙම සමීක්ෂනය මගින් පැහැදිලි වන පරිදි අන්තර්ජාලය යොදාගෙන සිදුකරන කටයුතු වලදි එය භාවිතා කරන්නගේ ශක්තිමත් මුරපද භාවිතා කිරීමක් පිලිබඳව විශ්වාස කල නොහැකිබව ප්‍රකාශ කරන අතර ශක්තිමත් මුරපද බාවිතා කිරීම පිලින්බඳව උනන්දුවීම මගින් මෙම අනාරක්ෂිත බව අවම කරගත හැකි බවද  ප්‍රකාශ කරයි.
ඇමෙරිකානුවන් 1200ක් යොදාගනිමින් සමීක්ෂණය සිදුකර ඇති අතර විශාල පිරිසක් යොදාගනිමින් හෝ අන්තර්ජාතික මට්ටමින් සමීක්ෂණය සිදුකලද ප්‍රථිපලවල වැඩි වෙනසක් සිදු නොවන බවද එම ආයතනය ප්‍රකාශ කරයි.
මේ අනුව දුර්වල මුරපද භාවිතය නිසා ඇතිවන අනාරක්ෂිත බව පිලිබඳ ගැටළුව මුලු ලෝකයටම බලපාන ගැටළුවක් බවද ඔවුන් සඳහන් කරයි.

No comments:

Post a Comment